Google දෙවියන්....

Wednesday, February 8, 2012

වෙරි වෙන්ඩ සොරි වෙන්ඩ ඕනෙ කට්ටියම....

මකාගෙ මතකය කියන්නෙ ඉතින් ආය කියල වැඩක් නැති මතකයක්. මේ දැන් කියපු දේ මේ දැන් අමතකයි. ඉතින් ඒ විදියටම මකා හදපු බ්ලොග් කට්ටත් මකාට අමතක වෙලානෙ... හික් හික්.. කාලෙකින් තමා ඉතින් එහෙම එකකුත් තියෙනව කියල මතක් උනේ.  හොඳම වැඩේ කියන්නෙ, ලොග් වෙලා බලපුවමනෙ දැක්කෙ හදල විතරයි තියෙන්නෙ මොකවත් දාල නෑ කියල... දැන් ඉතින් මොනව කියන්නද, කට්ටියටම වෙරි වෙන්නම සොරි කියන්න තමා වෙන්නෙ. අනේ ඉතින් මකාටත් එකක් කියලයැ වැඩ. එහෙන් ඩිගිරි කටුව කරගන්නත් එපැයි. ඒ මදිවට lecture නැති දවස් වලට පොඩි job කටුවකුත් කරනවනෙ. ඔන්න ඉතින් කට්ටියටම පොරොන්දු වෙනව මකබාස්ගේ ලෝකය ආයෙ පනගන්වල ගන්නව කියල. පුලුවන් ඉක්මනට මොකක් හරි පෝස්ට් කෑල්ලක් කොටන්නම්කො... එතකන් ඉන්න හොදේ..

Sunday, August 7, 2011

මකබාස් කරලියට....

මකබාස්ගේ ආත්මය කරලියට ගොඩවැදීමට හිතේ චකිතයකින් ඉන්න කාලෙ තමා ඔය.... මකාගේ (දැන් ඉඳන් මකා කියන්නෙ මකබාස්ටම තමා) එලම එල ෆිට් එක කීවෙ උබත් blog එකක් පටන් ගනින්කො කියල.ඉතින් මටත් මගෙ ටොපි දෙන්න එකෙක් අල්ලගන්නෙ කොයි වෙලේද කියල ඉන්නකොට තමා මේ කියපු අදහස මරේ මරු කියල හිතුනේ. ඔන්න එහෙනම් හා පුරා කියල මකාගේ පළවෙනි post එක ලඟදීම ජීර්ණය කරගන්න බලාපොරොත්තුව ඉන්න. (අජීරණය නොවෙන්න වගලාගන්න වෙයි නේද?).....